Home Local ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කරයි

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කරයි

404

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

මීට පෙර පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට රජය කටයුතු කළ අතර මේ අනුව සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සේවයට වාර්තා කරන ලෙස රජය දන්වා සිටිනවා.

රජයේ සහ සියලු සංවේදී ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය තීරණය කර ඇති අතර විශාල වශයෙන් එක්රැස් නොවන්නැයි ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන තැන්වල කඩාකප්පල්කාරීන් නොසන්සුන්තාවයන් ඇති කිරීමට ඉඩ තිබිය හැකි නිසා කල්පනාකාරීව සහ ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි ආරක්ෂක අංශ මහජනතාව වෙත දන්වා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here