Home Hit ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

762

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය දැනුම්දෙන විශේෂ නිවේදනයයි.
2019 අප්‍රේල් මස 21 වෙනිදා –

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති සියලුම ගුවන් මගීන් ගුවන්තොටුපළට ඇතුලු වීමේ දී තමන් සතුව ඇති ගුවන් ප්‍රවේශ පත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍රය ආරක්ෂක නිලධාරීන් වෙත ඉදිරිපත් කර ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ සිය ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් පිටතට යාමට බලාපොරොත්තු වන සියලුම ගුවන් මගීන්ට ඇඳිරි නීතිය තත්ත්වය යටතේ ගුවන් තොටුපළට ලඟා වීමට පහසුකම් සලසා දී ඇත.
එසේම අත්‍යඅවශ්‍ය රාජකාරී කටයුතු සඳහා පිටත්ව යන ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්යය මණ්ඩය තමන්ට හිමි ගුවන් තොටුපළට පිවිසීමේ අවසර පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන යන ලෙස ගුවන් සේවය ඉල්ලා සිටියි.
රට තුළ ඇති වී තිබෙන හදිසි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවෙන් පිටතට යන ගුවන් මගීන් ගුවන් ගත වීමට පැය හතරකට පෙර කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.
අද උදෑසන ඇතිවූ හදිසි තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපලේ ආරක්ෂාව මේවන විට තර කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම ගුවන් සේවා සඳහා භූමි මෙහෙයුම් සපයන්නා වෙයි. වැඩි විස්තර ශ්‍රීලංකන් ගුවන් සේවයේ 1979 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැක.

ආයතනික සන්නිවේදන අංශය
ශ්‍රීලංකන් ගුවන් සේවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here