Home Hit මම ඉන්න එක ප‍්‍රශ්නයක් නම් මම අයින් වෙනවා-මාලිංග

මම ඉන්න එක ප‍්‍රශ්නයක් නම් මම අයින් වෙනවා-මාලිංග

653

ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18) නම් කළ අතර එම කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිවුණි.ඒ සමගම මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ලසිත් මාලිංග මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය පිළිබඳ විශාල කතා බහක් ඇතිව තිබේ.

ශ‍්‍රී ලංකා පිලේ නායකත්වයට මාලිංග දක්ෂ වුවද ඔහු වටා කණ්ඩායම එකටම ගමන් නොකිරීමෙන් නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලසිත් මාලිංග පවසන්නේ තමා ලෝක කුසලානට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ අද (19) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග සාකච්ඡාවකින් පසුව බවයි.
 
 ‘‘මට කණ්ඩායමේ කට්ටිය සහයෝගය දෙන්නෙ නැහැ කියලා ක‍්‍රිකට් ආයතනයේ කට්ටිය ප‍්‍රසිද්ධියේම කියනවනම් මම කණ්ඩායමේ ඉන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඒ අයමයි. මොකද මම ඉන්න එක ප‍්‍රශ්නයක් නම් මම අයින් වෙනවා. ක‍්‍රීඩකයකු විදිහට ඒ අය කියන ආකාරයට මම තනිවෙනවා. නමුත් මට ඒවා ප‍්‍රශ්න නෙමෙයි. මට නායකයා සහ පුහුණුකරුවා කවුද කියන එකත් ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්දා මම ලෝක කුසලානට යන එක ප‍්‍රශ්නයක්ද නැද්ද කියල මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලින් අහල තීන්දුවක් ගන්නවා.’ යනුවෙන් ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here