Home Local මධූෂ්ගේ නඩුව ලබන මසට කල්යයි

මධූෂ්ගේ නඩුව ලබන මසට කල්යයි

318

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද? නැද්ද? ඊයේ (18) ඩුබායි අධිකරණයේ විභාග වූ නඩුව ලබන මැයි මස 02 වනදා තෙක් කල්ගොස් තිබෙනවා.

සිය ජීවිතයට තර්ජනයක් ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත නීතිඥයන් මාර්ගයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එය විභාග කිරීම ද ඊයේ සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ශී‍්‍ර ලංකා පොලිසිය සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි තමන් ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බැවින් තමන් ශී‍්‍ර ලංකාව වෙත පිටුවහල් නොකරන ලෙසයි මධුෂ් විසින් මීට සති කිහිපයකට පෙර අධිකරණයට පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබාහිදී සාදයකදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 21 දෙනකු මේ වනවිට ශී‍්‍ර ලංකාවට පිටුවහල් කර තිබෙනවා.

හේමන්ත රන්දුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here