Home Local කරාපිටිය රෝහලේ ගොඩනැගිල්ලකින් වැටී රෝගියෙකු මරුට

කරාපිටිය රෝහලේ ගොඩනැගිල්ලකින් වැටී රෝගියෙකු මරුට

610

කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ පිහිටි 58 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම වාට්ටු ගොඩනැගිල්ලෙන් වැටි මියගොස් සිටියදි අද (19) අලුයම රෝහල් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වැලිගම දෙනිපිටිය පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ඊයේ (17) ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් වී තිබෙනවා.

පසුව පොලිසිය විසින් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඒ අනුව අද දහවල් ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා කරාපිටිය රෝහලට ගොස් මුලික මරණ පරික්ෂණය පැවත්විමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here