Home Hit මාලිංග නෑ කියලා අපිට කරන්න දෙයක් නෑ – ක්‍රිකට් සභාපති (VIDEO)

මාලිංග නෑ කියලා අපිට කරන්න දෙයක් නෑ – ක්‍රිකට් සභාපති (VIDEO)

455

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි නොවීමේ පදනම මත ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියහොත් එම තීරණය පිළිබඳ නොසලකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියට මුහුණ දිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ප්‍රකාශ කලා.

ඒ අද(18) ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

“මාලිංග අපට ඉන්න ජාත්‍යන්තර මට්ටමේ හොඳ ක්‍රීඩකයෙක්. අපි ඔහුට නිදහස දීලා තියෙනවා අයි.පී,එල් ක්‍රීඩා කරන්න. ඕනම කෙනෙක්ට ඕනම තීරණයක් ගන්න පුලුවන්. ඔහු ඉවත් උනොත් එසේ ඉවත් වුණා කියලා අපිට ලෝක කුසලාන තරඟාවලිය මඟ හරින්න බෑ” යනුවෙන් සභාපත්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.

එම මාධ්‍ය සාකච්ජාව බී.බී.සී සිංහල සේවය විසින් සජීවීව ආවර්ණය කර තිබූ අතර එම වීඩියෝව පහතින් දැක්වේ.

Sri Lanka Cricket World Cup – Squad

Posted by BBC News සිංහල on Thursday, April 18, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here