Home Local වෑන් රථයක් අඩි 10ක ප්‍රපාතයකට පෙරළෙයි – 10දෙනෙකු රෝහලට – PHOTOS

වෑන් රථයක් අඩි 10ක ප්‍රපාතයකට පෙරළෙයි – 10දෙනෙකු රෝහලට – PHOTOS

540

ගාල්ලේ සිට හැටන් දක්වා ධාවනය වු වැන් රථයක් හැටන් වටවල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පවසනවා.

රෝහල්ගත කල අයගෙන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රොහල වෙත මාරු කර යවා ඇතැයි ද සඳහන්.

ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයකට සහභාගි වි යලිත් හැටන් දක්වා වැන් රථය ධාවනය කරන අවස්ථාවේ අද (18) උදැසන 5.45ට පමණ මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසිය පැවසුවේ.

මර්ගයෙන් ඉවතට පැන ඇති වැන් රථය අඩි 10 පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් ඉදි කරමින් පවතින නිවසක් අසල නතර වි තිබෙනවා.

තුවාල ලැබුවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් හත් දෙනෙක් සිටින බවයි පොලිසිය පැවසුවේ.

ධාවනය වෙමින් තිබු වැන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හෝ වැන් රථයේ රියදුරා නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සැකපළ කරනවා.

වැන් රථය අනතුරට පත්වන අවස්තාවේ වැන් රථය තුල 09 දෙනෙකු ගමන් කර ඇති බවත්, වැන් රථයේ ගමන්ගත් සියළු දෙනාම හැටන් ප්‍රදේශයේ පදංචිකරුවන් බවත් වටවල පොලිසිය සඳහන් කර සිටියා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here