Home Local වසර 12කට පසු SPC සේවකයින්ට ලැබුණු අවුරුදු තෑග්ග

වසර 12කට පසු SPC සේවකයින්ට ලැබුණු අවුරුදු තෑග්ග

437

2006 වසරින් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන් සදහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මාස 03ක බෝනස් දීමනාවක් ලබාදීමට මෙවර පියවර ගත් බව එහි සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි පවසනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න තමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ මෙම බෝනස් දීමනාව ලබාදීමට පියවර ගත් බවයි සභාපතිවරයා කියා සිටියේ.

බෝනස් දීමනාවක් ලබාදීම සදහා සංස්ථාවේ ආදායම 125%කින් වැඩිවී තිබිය යුතුය.

මේ වනවිට සංස්ථාවේ ආදායම 130% කින් වැඩි වී ඇති අතර සංස්ථාවේ සේවය කරන 1050ක සේවක සේවිකාවන් පිරිසකට බෝනස් දීමනා ලබාදීම සදහා වැය කළ මුදල රුපියල් මිලියන 150කි.

2017 වසරේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත සේවක සේවිකාවන්ට 50%ක වැටුප් වර්ධකයක් ද ලබාදෙන ලදි.

මෙම වැඩපිළිවෙලට සහ බෝනස් ලබාදීම සම්බන්ධයෙන් සංස්ථාවේ වෘත්තීය සමිති ප්‍රසාදය පළ කරන බව සභාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර, කෙටි කාලින හා මධ්‍යකාලීන වැඩපිළිවෙළක් යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛා ජාලය පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මේ වන විට පවතින ඔසුසල ශාඛා සංඛ්‍යාව 43ක් වන අතර ඉදිරි දිනවල දී බදුල්ල, මතුගම,අම්බලන්ගොඩ, දර්ගා නගරය යන ප්‍රදේශවල ඔසුසල් ශාඛා විවෘත කිරිමට කටයුතු යොදා තිබෙනවා.

2019 වසරේ සංස්ථාවේ ලාභය මිලියන 2000 ඉක්මවීම තම අරමුණ බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here