Home Hit මෙරට පළමු චන්ද්‍රිකාව අද ගුවන් ගතකරයි

මෙරට පළමු චන්ද්‍රිකාව අද ගුවන් ගතකරයි

747

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා වන් චන්ද්‍රිකාව අද (18) අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනියාහි පිහිටි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපොළෙන් එය අභ්‍යවකාශ ගත කෙරුණේ ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙනුයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිදු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ රාවනා වන් චන්ද්‍රිකාව නිෂ්පාදනය කර තිබෙනවා.

ඔවුන් එම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ, ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුරයි.

අද අලුයම 2.16 ට අභ්‍යවකාශ ගත කෙරුණු චන්ද්‍රිකාව හෙට පස්වරු 6.30 ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here