Home Local නදීමාල් පෙරේරා අදත් CID යයි

නදීමාල් පෙරේරා අදත් CID යයි

291
0

ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප්‍රකාශක් ලබාදීම සඳහා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

පෙරවරු 9:20ට එම දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු පැය 03කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

පසුගියදා ඩුබායිහි දී මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් පෙබරවාරි 28 වනදා ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

පසුව නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු වීම නිසා ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරුණු අතර ඔහු දිවයිනට පැමිණි දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here