Home World ගින්නට පෙර ගත් Notre – Dame ජායාරූපය සමාජ මාධ්‍ය කළඹයි

ගින්නට පෙර ගත් Notre – Dame ජායාරූපය සමාජ මාධ්‍ය කළඹයි

481
0

ලෝ ප්‍රකට Notre – dame දේවස්ථානය ගිනි ගැනීමට පැය කිහිපයකට පෙර ගනු ලැබූ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යවල විශාල අවදානයකට ලක්ව තිබෙනවා.

එය ලබාගෙන ඇත්තේ අමෙරිකානු ජාතික 23 හැවිරිදි බෲක් වින්ඩ්සර් (Brooke Windsor) නැමැති තරුණියකි.

කෙසේ නමුත් ඇය සදහන් කර ඇත්තේ අදාළ ඡායාරූපයේ සිටින පියා සහ දියණිය කවුරුන්දැයි තමන් නොදන්නා බවයි.

මෙම පියා සහ දියණිය දේවස්ථානය ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටින ආකාරයක් එම ජායාරූපයේ දැක්වෙනවා.

ඔවුන්ට මෙම ඡායාරූපය ලබාදීමට අවශ්‍ය බැවින් ඒ සදහා සහය වන්නැයි මෙම තරුණිය සිය ට්විටර් පිටුව හරහා ඉල්ලීමක් කර ඇති අතර අදාළ ඉල්ලීමට මේ වන විට ලක්‍ෂ ගණනක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here