Home World හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

932

ඇලන් ගාසියා පේරු රාජ්‍යයේ ජනාධිපති ලෙස 1985 සිට 1990 දක්වා සහ 2006 සිට 2011 දක්වා දෙවරක් ජනපති පදවිය දරා ඇත. පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ට වෙඩි තබා ගත්ගාසියා මරණයට පත්ව තිබේ.

AFP

බ්‍රසීල ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ගෙන ඇති බවට හිටපු ජනපතිට චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් ඇත්තේ එම චෝදනා මතය.

එරට අභ්‍යන්තර කටයුතු භාර ඇමතිවරයා කියා සිටියේ පොලිසිය පැමිණි අවස්ථාවේ දුරකතන ඇමතුමක් ලබා ගැනීමට ඇති බව පවසමින් හිටපු ජනාධිපතිවරයා කාමරයක් වෙත ගොස් එහි දොර වසා ගත් බවය.


ඉන් මිනිත්තු කිහිපයකට පසු වෙඩි හඬ ඇසී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here