Home Local සංගා හා හරීන් රස බැලූ අර්තාපල් පුඩිම – PHOTOS

සංගා හා හරීන් රස බැලූ අර්තාපල් පුඩිම – PHOTOS

730

නුවරඑළිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැකගැනිම සඳහා නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් පිළියෙල කර තිබෙනවා.

නුවඑළිය වසන්ත උදානයට සමගාමිව ඊයේ (16) නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ පාලන අධිකාරිය සහ එම හෝටලයේ සාමාන්‍යධිකාරි රිෆාන් රෂිෆ් විසින් මෙම පුඩිම පිළියෙල කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණා.

අර්තාපල් පුඩිම පිළියෙල කිරිම ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර නුවරඑළිය මහනගර සභවේ පුරපති චන්දනලාල් කරුණාරත්න යන පිරිසගේ සහභාගිත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියෙකු වන රනිද්ර් සින් ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15කට ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිළියෙල කිරිමේ අවස්ථාවට සහභාගි වී තිබෙනවා.

අර්තාපල් කිලෝ 15 , එලගි තෙල් බෝතල් 2 , සිනි කිලෝ 2.500 , රාසින් කිලෝ 2 , වියළි මිදි කිලෝ 2, කජු කිලෝ 2 , කරදමුංගු , කහ ,යොදා ගනිමින් කිලෝ 25ක අර්තාපල් පුඩිමක් පිළියෙල කරනු ලැබුවා.

මෙම අර්තාපල් පුඩිමට සමගාමිව නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය මගින් දේශිය අර්තාපල් වලින් පිළියෙල කරන ලද ආහාර ද්‍රව්‍ය ඇතුළු අතුරුපස වර්ග 100ක ප්‍රදර්ශන කුටියක්ද පැවැත්වු අතර එම ප්‍රදර්ශන කුටිය නැරඹිමට ආරාධිතයන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ද එක් ව සිටියා.

මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියාසිටියේ දේශිය අර්තාපල් ගොවියා ප්‍රවර්ධන කිරිමටත්, දේශිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමටත්, අර්තාපල්වලින් මෙවැනි ආහාර ද්‍රව්‍යය සහ අතුරුපස පිළියෙල කර ප්‍රවර්ධනය කිරිම පැසසිය යුතු කරුණක් බවයි.

ඉකුත් වසරේද නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් වලින් චෝකලට් කෙක් එකක් පිළියෙල කර ගිනස් වාර්තාවක් ද පිහිටවනු ලැබුවා.

අර්තාපල් වලින් පිළියෙල කරන ලද ආහාර වර්ග සහ අතුරුපස ඇතුළත් ප්‍රදර්ශන කුටිය මේ මස 22 වනදා දක්වා නොමිලේ ප්‍රදර්ශනය කිරිමටත් 22 වනදා අර්තාපල් වලින් පිළියෙල කරන ලද විශේෂ සුප් පානයක් දෙස් විදෙස් සංචාරකයන්ට නොමිලේ ලබා දිමටත් ග්‍රැන්ඩ් හෝටලයේ පරිපාලන නිලධාරින් කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here