Home Local රුසියාවෙන් ලංකාවටම විශේෂිත ඇස්බැස්ටස් තහඩු

රුසියාවෙන් ලංකාවටම විශේෂිත ඇස්බැස්ටස් තහඩු

484

ශ්‍රී ලංකාව සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටස් තහඩු වර්ගයක් හදුන්වාදීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම හඳුන්වාදිම රුසියාව මඟින් සිදුකරන අතර ලෝකයේ ඇස්බස්ටස් තහඩු නිෂ්පාදනය වැඩිම රට රුසියාවයි.

නව ඇස්බස්ටස් තහඩු වර්ගය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් පසුගියදා දැනුවත් කිරීමක් කොළඹ දී සිදුකෙරුණා.

රුසියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇති බවයි සඳහන් වන්නේ.

රුවන් කාශ්‍යප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here