Home Local මුලතිව් රිය අනතුරකින් යුධ හමුදා පොලිස් නිළධාරියෙක් මරුට

මුලතිව් රිය අනතුරකින් යුධ හමුදා පොලිස් නිළධාරියෙක් මරුට

621

මුලතිව්, වට්ටාපලෙයි ප්‍රදේශයේ ඊයේ (16) සවස සිදුවු රිය අනතුරකින් යුධ හමුදා නිළධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් යුධ හමුදා නිළධාරියෙකු තුවාල ලබා ඇති බව මුලතිව් මුල්ලියාවේලි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ කැන්ටර රථයක් මුලතිව් වට්ටාපලෙයි කෝවිලට පිවිසෙන මංසන්ධියේ ‍රාජකාරියේ නියුතු යුධ හමුදා පොලිස් නිළධාරීන් ‍දෙදෙනෙකුගේ ගැටී ඇති බවයි.

අදාළ අනතුරින් මුලතිව් ආරක්ෂක ‍සේනා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 22ක් වූ යුධ හමුදා පොලිස් නිළධාරියෙකු ජිවිතක්ෂයට පත්ව වයස අවුරුදු 32 ක් වන තවත් නිළධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවද පොලිසිය සඳහන් කර සිටියා.

සිද්ධියට අදාළ වාහනය ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here