Home Hit මහියංගණයේ මාරක අනතුරකින් 10 දෙනෙකු මරුට

මහියංගණයේ මාරක අනතුරකින් 10 දෙනෙකු මරුට

303

මහියංගනය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම 1.30ට පමණ අනතුර සිදුව ඇති බවයි.

ත්‍රිකුණාමලය සිට දියතලාව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් වෑන් රථයේ ගමන් කළ 12 දෙනෙකු බරපතළ තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් 10 දෙනෙකු මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටිනවා.

මියගොස් ඇත්තේ, කුඩා දරුවන් තිදෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකුයි.

ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු මේ වන විට මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන්, බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here