Home Politics ඡන්දයකදී ආණ්ඩුවට වෙන දේ ගැන හිටපු ජනපති කියයි

ඡන්දයකදී ආණ්ඩුවට වෙන දේ ගැන හිටපු ජනපති කියයි

430
0

ඉදිරි මැතිවරණයකදී මේ ආණ්ඩුව සෝදා ගෙන යන වෙනසක් සිදුවනු ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

බදු බරින් පීඩාවට පත්ව සිටින ජනතාව මේ ආණ්ඩුව වෙනස් කිරීමට මැතිවරණයක් එනතුරු බලා සිටින බවයි හෙතෙම සඳහන් කරන්නේ.

මැතිවරණයක් පැවැත්වුවහොත් පරාජය වන බව දන්නා ආණ්ඩුව මැතිවරණවලට මුහුණ දීමට බිය බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන සතිය අවසන් වනවිට බස්නාහිර පළාත් සභාවේ කාලය අවසන් වීමත් සමඟ පළාත් සභා 09යෙන් 08කම නිල කාලය අවසන් වන බවත් ආණ්ඩුවට වුවමනාවක් තිබේ නම් මැතිවරණය පැවැත්විය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා මැතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව බිය බවත් කියා සිටියා.

මේ ආණ්ඩුව ජනතාවට දඬුවම් කරනවා වාගේම ස්වභාව ධර්මයත් ආණ්ඩුවට දඬුවම් කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අනුර බාලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here