Home Local කුවේටයේ කරදර විඳි කතුන් 26දෙනෙකු දිවයිනට

කුවේටයේ කරදර විඳි කතුන් 26දෙනෙකු දිවයිනට

677
0

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී එහි හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැරක රදර වලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මොවුන් තම සේවා කටයුතු වල නියැලී සිටියදී එම නිවෙස් වලින් මෙසේ හිරිහැර කරදර සිදුවීමෙන් පසු කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබූ අතර , ඉන්පසු එහි ” සුරක්ෂා” රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස අද දින උදෑසන 6.30 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 230 දරන ගුවන් යානයෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර මොවුන් සියලු දෙනා තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පැමිණ ඇති බව සඳහන්.

ඔවුන් මෙරටට පැමිණීම සදහා ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබෙනවා.

මෙම පිරිස අතුරින් දෙදෙනකු පමණක් කුවේටයේ අවුරුදු 01 ත් අවුරුදු 02 ත් අතර ගෘහ සේවයේ නියැලී සිටි අය වන අතර , ඉතිරි 24 දෙනාම වසරකට අඩු සේවා කාළයක් හිමි තැනැත්තියන් බව සඳහන්.

මොවුන් අතුරින් 05 දෙනෙකු මෙසේ ඔවුන්ට අත්විදීමට සිදු වී තිබූ හිරිහැර කරදර නිසාම රෝගාතුර වී සිටි අය බවත් ගෘහ සේවිකාවන් පිරිසට ගම්බිම් බලා යෑමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බස් ගාස්තු සදහා දීමනාවක් ද ලබා දී පිටත් කර හැර තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here