Home Local හිසතෙල් ගෑමේ නැකත හෙට

හිසතෙල් ගෑමේ නැකත හෙට

574
0

ජාතික හිස තෙල් ගෑමේ මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධී රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අලුත් අවුරුද්ද සඳහා හිසතෙල් ගෑමේ නැකත හෙට (17)  පෙරවරු 7.40ට යෙදී තිබේ.

ඵලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොං පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ස්නානය කිරීම මැනවි බව අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් වන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here