Home Hit හිරුඹුර කලහකාරී සිද්ධියේ දර්ශන පොලිසියට ලබාදෙන්නැයි අධිකරණය රූපවාහිනී ආයතනවලට නියෝග කරයි

හිරුඹුර කලහකාරී සිද්ධියේ දර්ශන පොලිසියට ලබාදෙන්නැයි අධිකරණය රූපවාහිනී ආයතනවලට නියෝග කරයි

514
0

ගාල්ල, හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු රෝගය වැළඳිමෙන් මියයාමත් සමග කෝපයට පත්වු එම ප්‍රදේශයේ ජනතාව ඉකුත් සිකුරාදා (12) ගාල්ල – කරාපිටිය මාර්ගයේ ටයර් පුළුස්සා අවහිර කරමින් අලුතෙන් ඉදිකරගෙන යනු ලබන පුද්ගලික රෝහල් ගොඩනැගිල්ලකට සහ එහි උපකරණවලට ගිනි තබා හානි කිරිමේ සිද්ධියේ දර්ශණ පොලිසියට ලබාදෙන ලෙසට ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල අද (16) පස්වරුවේ රුපවාහිනි ආයතනවලට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පොලිසිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මත ගාල්ල පොලිසිය විසින් අධිකරණයට මෙම සිද්ධිය සම්බන්ධව කරුණු වාර්තා කරනු ලැබුවා.

යන්ත්‍රොපකරණ සහ යන්ත්‍රසුත්‍රවලට සිදුවු හානි සම්බන්ධව ද, මහා මාර්ගයේ ටයර් පුළුස්සමින් මාර්ගයට සිදුවු අලාභය සම්බන්ධයෙන් ද ගිනි නිවන රථයකට පහරදි අලාභහානි කිරිම සම්බන්ධව ද අදාල ආයතන වෙන් වෙන්ව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

සිදුවු අලාභ සම්බන්ධව වටිනාකම් පසුව ලබාදෙන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරික්ෂක අරුණලාල්ගේ මෙහෙයවිම යටතේ සැරයන් රංජිත් සිල්වා (7718) විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.

ෆර්හාන් නිසම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here