Home Local මෙවර අවුරුදු සමයේ ලංගමයෙන් මිලියන 100කට වැඩි ආදායමක්

මෙවර අවුරුදු සමයේ ලංගමයෙන් මිලියන 100කට වැඩි ආදායමක්

374

අවුරුදු සමයේ මගීන් ප්‍රවාහනය කිරීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 100කට වැඩි ආදායමක් ලබා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ සඳහන් කර සිටිනවා.

අවුරුදු සමයේ කොළඹ සිට පිට පළාත් වලට මගීන් ප්‍රවාහනය කිරීම සදහා විශේෂ බස් රථ සේවාවන් යෙදවූ බවත්, අවුරුදු නිමාවෙන් අනතුරුව කොළඹ දක්වා පැමිනෙන අවසන් මගියා ප්‍රවාහනය කිරීම සදහා ද අවශ්‍ය තරම් බස් රථ යොදවා ඇති බවත් ඔහු කියා සිටිනවා.

මේ සම්බන්ධයෙන් සියළුම ඩිපෝ දැණුවත් කර ඇති බවත්, විශේෂයෙන්ම මගීන් වැඩි පිරිසක් සිටින බවට හදුනාගෙන ඇති බදුල්ල, මහනුවර, හැටන්, ගාල්ල සහ මාතර යන නගර වල බස් ගමනාගමන කටයුතු අධීක්ෂණය කිරීම සදහා කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරීන් යොදවා ඇති බවද හෙතම සඳහන් කර සිටිනවා.

ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍යෙයන් දිනකට රුලියල් මිලියන 80ක පමණ ආදායමක් ලැබුවත් පසුගිය 10,11,12 යන දිනවල ආදායම මිලියන 100 දක්වා ඉහළ ගොස් ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here