Home Politics ”කිරිඇල්ල ඇමතිතුමා මහනුවරට විශාල සේවයක් කළා” – කෙහෙළිය රඹුක්වැල්ල

”කිරිඇල්ල ඇමතිතුමා මහනුවරට විශාල සේවයක් කළා” – කෙහෙළිය රඹුක්වැල්ල

881

අපේ ආණ්ඩු කාලේ මහනුවරට කැබිනට් ඇමතිවරු 09ක් හා අගමැතිවරයෙක් හිටියත් අපි කළ සේවයට වඩා සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මහනුවර නගරයට සිදුකල බව අකමැත්තෙන් වුවත් පිළිගන්නා බව මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

පසුගිය මාර්තු 10 වනදා මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පා.ම. කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබුණා.

එයට හේතුව වී තිබුණේ 11 වනදා පැවැත්වෙන ප්‍රාදේශීය සභා මහසභා රැස්වීමේදි ගතයුතු තීන්දු තීරණ පිළිබද සාකච්චා කිරීමයි.

කෙසේ වෙතත් මෙම හමුවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා ඇත්තේ තමන් ඇතුඑව අමාත්‍යවරුන් 09ක්, අගමැතිවරයෙක් හා පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙක් මහනුවරට සිටි නමුත් අප කළ සේවයට වඩා සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තනිවම පසුගිය කාලය තුළ මහනුවරට විශාල සේවයක් සිදුකර ඇති බවයි.

තමන් එය අකමැත්තෙන් වුවද පිළිගන්නා බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම හමුවේදී ප්‍රකාශ කර සිටියා.

කුණ්ඩසාලේ – එරංග කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here