Home Local අද සිට යළි කාලගුණයේ වෙනසක්

අද සිට යළි කාලගුණයේ වෙනසක්

735

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අද (16) දිනයේ සිට දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන්.

සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව,බස්නාහිර සහ වයඹ පළාත් වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් ඒ සමගම තද සුළං සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත අනතුරු ඇගවිමක් නිකුත් කර තිබෙනවා.

ෆර්හාන් නිසම්දීන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here