Home Local අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

452

යාපනයේ, චුන්නාකම්, කුප්පිලාන් දකුණ ප්‍රදේශයේදී අද (16) දහවල් 2.30ට පමණ අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව චුන්නාකම් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ දුම්කොළ වගාකර ඇති වගා බිමක් ආසන්නයේ දී අකුණු සැර වැදීම සිදුව ඇති බවයි.

දහවල් ආහාරය ලබා ගැනීමට එක් පුද්ගලයෙකු වගා බිම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, එවිට ඇඳ හැලුණු වර්ෂාව සමඟ අකුණු ගැසීම් සිදුව ඇති බවද පොලිසිය සඳහන් කර සිටිනවා.

වර්ෂාවෙන් බේරීම සඳහා මෙම කාන්තාවන් දෙදෙනා හා පිරිමි පුද්ගලයා පොල් ගසක් අසල වු කුඩා පැල්පතක් වෙත ගොස් ඇති අතර, එහිදි අකුණු සැර වැදීමෙන් වයස අවුරුදු 48ක් වු තිරුනාවුකරසු කන්නන්, වයස අවුරුදු 52 ක් වු කන්දසාමී මයිනාවතී හා වයස අවුරුදු 38 ක් වු රවි කුමාර් (සුදා) නැමැති පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයෙ වෙත යොමු කොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය චුන්නාකම් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here