Home Hit ලොවපුරා සමාජ මාධ්‍ය වෙබ් අඩවි රැසක් බිඳවැටෙයි

ලොවපුරා සමාජ මාධ්‍ය වෙබ් අඩවි රැසක් බිඳවැටෙයි

369

ලොවපුරා Facebook, WhatsApp සහ Instagram වෙබ් අඩවි රැසක් ඊයේ (14) දින පස්වරුවේ බිඳවැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ යුරෝපා රටවල්, අමෙරිකාව මෙන්ම ආසියා රටවලින් ඊට අදාළව පැමිණිලි ලැබී ඇති බවයි.

තාක්ෂණික දෝෂයක් ඊට හේතුවී ඇතැයි ද බිඳ වැටීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් Facebook සමාගම සඳහන් කර සිටිනවා.

WhatsApp සහ Instagram වෙබ් අඩවි ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් කර නැහැ.

පසුගිය මාර්තු 14 වනදා ද Facebook අතුළු සමාජ ජාලා වෙබ් අඩවි රැසක ක්‍රියාකාරීත්වය බිඳ වැටුණු අතර එය සැලකෙන්නේ වසර 15ක Facebook ඉතිහාසයේ දරුණුතම බිඳවැටීම ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here