Home Local ”මිනිස්සු එපා කිව්වට ජනාධිපතිගේ සුබපැතුම එවන්න වෙනවා” – ඩයලොග් සමාගම

”මිනිස්සු එපා කිව්වට ජනාධිපතිගේ සුබපැතුම එවන්න වෙනවා” – ඩයලොග් සමාගම

718

ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද කෙටි පිණිවුඩ අවහිර කිරීමට කිසිදු පාරිභෝගිකයෙකුට නොහැකි බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන සමාගම වන ඩයලොග් සමාගම සඳහන් කර සිටිනවා.

ජනාධිපතිවරයා විසින් එවන ලද අලුත් අවුරදු සුබ පැතුම අවහිර කල ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් තව දුරටත් ලැබෙන බවට පාරිභෝගිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට ඔවුන් මෙසේ සදහන් කර ඇත්තේ සමාගමේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේයි.

මෙම පණිවුඩ යොමු කරන ලද්දේ ජනාධිපති කාර්යාලය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් කරන ලද ඉල්ලීමක් අනුව බවත් එම පණිවුඩය සියලුම පාරිභෝගිකයන් වෙත යවා ඇති බවත් සදහන් කරන ඩයලොග් සමාගම එම පණිවුඩ යොමු කිරීම අවහිර කල නොහැකි බවත් කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here