Home Politics ජනපතිවරණයට ගෝඨා නැතිනම් කුමාර වෙල්ගම

ජනපතිවරණයට ගෝඨා නැතිනම් කුමාර වෙල්ගම

759

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට ලබාදීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මේ වන විට සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකත්වයට මෛත්‍රීපාල සිරිසේන තරග කළහොත් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බවද ‍පොහොට්ටුවේ ඇතැම් පාක්ෂිකයන් තීන්දු කර ඇතැයි සඳහන්.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂයක ද සහයෝගය කුමාර වෙල්ගමට හිමිවන බවයි මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් වෙත පවසා ඇති බව වාර්තා වන්නේ.

කුමාර වෙල්ගම විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා කරගත යුතු බව ඒකාබද්ධ නායකයන් පවසා ඇති අතර ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග අලුත් අවුරුද්දෙන් පසු සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තීරණය කර තිබෙනවා.

පානුක රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here