Home Local අතුරුදහන්වූවන්ගේ ඥාතීන් නව වසරක් ‍නොමැති බව පවසා වවුනියාවේ විරෝධතා – PHOTOS

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් නව වසරක් ‍නොමැති බව පවසා වවුනියාවේ විරෝධතා – PHOTOS

284

අතුරුදහන්වූවන් ‍සොයාදීමට රජය කටයුතු නොකළ බැවින් අතුරුදහන්වූවන්ගේ පවුල් වෙත මෙවරද නව වසර සැමරීමට නොහැකි වු බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසනවා.

අතුරුදහන්වූවන් සොයා දෙන ලෙසට රජයට බල කරමින් හා අතුරුදහන්වූවන් සොයා නොදීමට එරෙහිව රජයට විරෝධය පළ කරමින් දේව කන්නලව්වක් හා ‍විරෝධතාවයක් පැවැත්වීමට ඊයේ (14) එක්වෙමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එලෙස පවසා සිටියා.

වවුනියාව, කන්දසාමි කෝවිලේ පැවති දේව පූජාවකින් අනතුරුව දෙවියන් උදෙසා පොල්ගසා රජයට විරෝධතාවය පළ කිරීම එහිදි සිදුකෙරුණා.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධය නිමාවි වසර 10ක් ගතවි ඇතත් රජය අතුරුදහන්වූවන් ‍මෙතෙක් සොයා නොදී ඇති බවයි.

අතුරුදහන්වුවන් සොයාදෙන ලෙසට ඉල්ලා තමන් දින 785ක් විරෝධතාවයේ නිරතව සිටියදී රජය හරහා අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් නිසි විසදුමක් නොලැබී ඇති බවයි විරෝධතාවයට එක්වූවන් පැවසුවේ.

විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ රජය අවස්ථා ගණනාවකදී අතුරුදහන්වූවන් ‍‍‍සොයාදෙන බවට පොරොන්දු ලබාදුන්න ද අදාළ පොරොන්දු ඉටු නොකිරීම කණගාටුවට කරුණක් වන බවයි.

ජාත්‍යන්තර මැදිහත්වීමක් මත හෝ තමන්ගේ ගැටළුවට විසදුමක් ලබාදෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලා සිටි අතර, විරෝධතාවය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, වවුනියාව සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here