Home Hit ගාල්ල කරාපිටියේ නොසන්සුන්තාවයක් – VIDEOS

ගාල්ල කරාපිටියේ නොසන්සුන්තාවයක් – VIDEOS

1340

ගාල්ල, කරාපිටිය, ගලගෙඩිය ප්‍රදේශයේ ඩෙංගු මරණයක් වාර්තා වීමත් සමඟ ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමට පටන්ගෙන ඇතැයි අප නිව්ස්හබ් වාර්තාකරු සඳහන් කර සිටිනවා.

එම ආසන්නයේ ඉදිකරනු ලබන පුද්ගලික රෝහලක ඩෙංගු බෝවන තවාන් ඇති බවටයි ගම්වාසීන් චෝදනා කර සිටින්නේ.

ප්‍රකෝප වූ පිරිස ඉදිකරනු ලබන ගොඩනැගිල්ල තුළට පිවිස එහි ඇති යන්ත්‍රෝපකරණ වලට ගිනි තබා හානි කර ඇති බවයි සඳහන් වන්නේ.

එම පිරිස ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින්, ටයර් පුළුස්සමින් විරෝධය පළකර සිටියා.

තත්වය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් එහි පැමිණ සිටින අතරම එම ස්ථානයට පැමිණි ගිනි නිවන රථ වලට විරෝධතාකරුවන් පහර දෙමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ වන විට විරෝධතාකරුවන් ඇතුළු නියෝජිත පිරිස සහ දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක, ගාල්ල දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරීවරයා ද එම ස්ථානයට පැමිණ සාකච්ජාවක නිරත වන බව සඳහන්.

Posted by Farhaan Nizamdeen on Friday, April 12, 2019

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here