Home Local අවුරුද්දට සිරකරුවන් බලන්න විශේෂ දින 05ක්

අවුරුද්දට සිරකරුවන් බලන්න විශේෂ දින 05ක්

441

සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැදවූවන් බැලීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙවර දින 05ක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මීට පෙර සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වලට අවස්ථාව ලැබුණේ අවුරුදු දිනය හා තවත් එක් දිනක් පමණි.

නමුත් එම දිනයන්හි පවතින ප‍්‍රවාහන දුෂ්කරතා ද සැලකිල්ලට ගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර අපේ‍්‍රල් මස 13 සිට 17 දක්වා බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමිවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here