Home Local සංවිධානාත්මක අපරාධ කල්ලිය සමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලිය සමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට

730

දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ කොල්ලකෑම් ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක සැකකරුවන් 02නෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පොලිස් වසමේ හාමිංගල සහ දෙහිහේන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

ගාල්ල, පේදුරුවෙල හන්දියේදි පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී එය ඉකුත් පස් වන දින අළුත්ගම නගරයේදී සොරකම් කරන ලද එකක් බවට අනාවරණය වී තිබෙනවා.

එම සැකකරුගේ ප්‍රකාශ අනුව අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදි සොරකම්, වෙළෙඳ සැල් බිඳුම්, රන් මාල කොල්ල්කෑම් ඇතුළු විවිධ අපරාධවලට මෙම සැකකරුවන් සම්බන්ධ බවයි.

මේ අතර මෙම අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සිටින බව ගාල්ල පොලිසිය පවසනවා.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here