Home Local මධූෂ් සමඟ ඩුබායි පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ලංකාවට

මධූෂ් සමඟ ඩුබායි පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ලංකාවට

550

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන එන ගුවන් යානයෙන් ඩුබායි පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු ද පැමිණීමට නියමිතව ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කර සිටිනවා.

මධූෂ් සහ ගායක අමල් පෙරේරා ද මෙදින ඩුබායි සිට රැගෙන එන අතර එහිදී ඔවුන්ගෙන් ලබාගත් කටඋත්තර සියල්ලම ඩුබායි පොලිසිය මගින් ආරක්‍ෂක අමාත්‍යාංශයට භාරදීමට ක්‍රියාකරනු ඇති.

ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක අමාත්‍යාංශය ඩුබායි රජයෙන් කරන ලද ඉල්ලීමක්‌ අනුව මාකඳුරේ මධූෂ් සහ අමල් පෙරේරා මෙසේ කටුනායකට රැගෙන එනු ඇති.

මොවුන් කටුනායකට රැගෙන එන අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඇතුළු විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා.

නෝමන් පලිහවඩන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here