Home Local බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ගිලාබැස්මක්

බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ගිලාබැස්මක්

900

දැනට දින කීපයකට පෙර ජනසතු කරන ලද මාතර – බෙලිඅත්ත නව දුම්රියට මාර්ගයට අයත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එංජිම් හැරවීම සිදුකරන ස්ථානයේ සුළු ගිලා බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් මාතර දුම්රිය ස්ථානයේ සිට එන එංජිම සහිත දුම්රිය බෙලිඅත්ත දක්වා අද (12) දිනයේදී ධාවනය කර නොමැත.

ඒ වෙනුවට මැදිරි කීපයක් සහිත බලවේග කට්ටල දුම්රියක් පමණක් අද දිනයේදී ධාවනයේ යොදවා තිබෙනවා.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුර බැහැර ප්‍රදේශවලට යන මගීන් බලවේග කට්ටල දුම්රියකින් මාතර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එතැන් සිට නැවත ඔවුන්ට වෙනත් දුම්රියකට නැග ගමන් කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගලගෙන් කළ විමසීමේදී ඔහු පැවැසූයේ ඊයේ (11) සවස බෙලිඅත්ත ප්‍රදේශයට ඇති වූ අධික වර්ශාව හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය එංජිම හැරවීම සිදුකරන ස්ථානයේ මිලිමීටර දශම ගණනක සුළු බැස්මක් ඇති වී ඇතැයිද මේ නිසා බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා දුම්රිය එංජිම් ගෙන ඒම අද දිනයේදී සිදුනොකළ බවයි.

දැනට මෙහි අළුත්වැඩියා කටයුතු සිදුකෙරමින් පවතින බවද මෙය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ හැකි බවද හෙතෙම කියා සිටියා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here