Home Local ”කෘතිම රසකාරකයන්ගෙන් වළකින්න” – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

”කෘතිම රසකාරකයන්ගෙන් වළකින්න” – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

721

උදාවන අළුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්විම සදහා කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වැලකී දේශීය නැවුම් කුළුබඩුවලින් සකස් කරන ලද රසකාරක භාවිතයට ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අළුත් අවුරුදු සමයේදී රට තුළ කෘත්‍රිම රසකාරක භාවිතය ඉහළ යන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවනවා.

අනාදිමත් කාලයක සිට පැවත එන දේශීය ආහාර සංස්කෘතිය තුළ අපගේ මුතුන් මිත්තන් ආහාර කල්තබා ගැනීමටත්, ආහාර රසවත් කර ගැනීමටත්, ඖෂධයක් හා සුවද කාරකයක් ලෙසටත් දේශීය කුළුබඩු යොදාගත් බවයි ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද ප්‍රකාශ කළේ.

අළුත් අවුරුද්ද උදාවන විට එදා අපේ සාම්ප්‍රදායික ගෘහණිය කල්වේලා ඇතිව මුළුතැන් ගෙට අවශ්‍ය කුළුබඩු සකස් කරගත් අතර එය පවුලේ නීරෝගීභාවයට මහත් රුකුලක් වූ බවත් එබැවින් එම පාරම්පරික දේශීය කුළුබඩු සංස්කෘතිය නැවතත් දොරට වඩම්මවා ගත යුතු බවත් ආචාර්යවරයා සඳහන් කර සිටියා.

කෘත්‍රිම රසකාරක භාවිත කිරීම තුළින් දියවැඩියාව, පිළිකා ඇතුළු විවිධාකාර වු බෝ නොවන රෝගාබාධ වැළදීමේ වැඩි ප්‍රවනතාවක් තිබෙන බවට වර්තමානයේ විවිධ පර්යේෂණ මගින් සොයාගෙන ඇති බවත් පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියෙන් ඈත්වීම මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වීමට බලපා ඇති බවත් ඔහු කියා සිටියා.

ස්වභාවික කුළුබඩු යොදා සැකසූ අපගේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියට හුරුවීමෙන් මෙම තත්ත්වයන්ගෙන් වැලකීමේ හැකියාව තිබෙන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර සිටියේ.

ඉන්දික අරුණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here