Home Local ආනයනික පළතුරු වල මිනිස්‌ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය

ආනයනික පළතුරු වල මිනිස්‌ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය

255
0

ආනයනික ඇපල්, මිදි, දොඩම්වල මනුෂ්‍ය ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබෙන බවට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම රසායනික ද්‍රව්‍ය ඇතුළත්ව ඇත්තේ මෙරට භාවිතය තහනම් වල් නාශක භාවිත කිරීම නිසා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ.

මෙරටට ගෙන්වන පලතුරු වල භාවිතයට තහනම් වල්නාශක අඩංගුව ඇතැයි රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව සෑම දිස්‌ත්‍රික්‌කයකම පලතුරු සාම්පල් පරීක්‍ෂා කිරීමෙන් තහවුරු කරගෙන තිබෙන බවට රාජ්‍ය ගිණුම්කාරක සභා වාර්තාවල සඳහන් කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

චමින්ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here