Home Hit හිටපු ජනපති මුල්වරට දුම්රියෙන් බෙලිඅත්තට යයි – PHOTOS

හිටපු ජනපති මුල්වරට දුම්රියෙන් බෙලිඅත්තට යයි – PHOTOS

476

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ (10) ප්‍රථම වරට මාතර බෙලිඅත්ත දුම්රිය බෙලිඅත්ත බලා ගමන් ගත්තා.

ඒ වෙනුවෙන් මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයේ විශේෂ උත්සවයක්ද පැවැත්වුණු අතර දුම්රිය ස්ථානය ඉදිරිපස මාර්ගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඩිවලින් සරසා තිබුණා.

මෙම දුම්රිය මාර්ගය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු රජයේ අමාත්‍යවරුන් ගේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය 08 වනදා නිල වශයෙන් විවෘත කරනු ලැබූ අතර ඒ අවස්ථාවට සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ද විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මාතර දුම්රියපොළේ පැවැති උත්සවයකට ද සහභාගී වී සිටීම විශේෂත්වයක්.

සවස 5.30ට පමණ මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයට පැමිණි විපක්ෂනායකවරයා මාතර පුරපති රන්ජිත් යසරත්න ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පිළිගෙන මගුල් බෙර වාදන මධ්‍යයේ දුම්රිය ස්ථානය වෙත කැඳවා ගෙන යනු ලැබුවා.

ඉන් අනතුරුව නව දුම්රිය මාර්ගයේ මුල්ගල් තැබීමට අදාල සමරු ඵලකය නිරීක්ෂණය කළ විපක්ෂ නායකවරයා පසුව ප්‍රවේශපත්‍ර කවුළුව වෙත ගොස් ටිකට් පතක් මිලදී ගනු ලැබු අතර ඉන් පසු මාතර දුම්රිය ස්ථානයේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වූ විපක්ෂනායකවරයා එහිදී සංඝරත්නයේ ආශීර්වාදය ලබාගත්තා.

පසුව ප්‍රධාන ස්ථානාධිපති කාර්යාලයට ගොස් සමරු පොතේ සටහනක් තැබූ විපක්ෂ නායකවරයා බෙලිඅත්ත බලා යන දුම්රිය පැමිණෙන තෙක් එම කාර්යාලයේ සතුටු සාමීචියේ යෙදී සිටියා.

සවස 6.10 ට පමණ බෙලිඅත්ත බලා යන දුම්රිය මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයට ළඟා වූ අතර විපක්ෂ නායකවරයා එම දුම්රියේ දෙවැනි පන්තියේ මැදිරියක අසුන්ගෙන මග දෙපස රැස්ව සිටි ජනතාවට ආචාර කරමින් බෙලිඅත්ත දක්වා ගමන් කළා.

පිලදූව, වෙහෙරහේන, කැකනදුර, බඹරැන්ද සහ වැවුරුකන්නල යන ප්‍රධාන හා උප දුම්රිය ස්ථාන වලදී ඔහුට රැස්ව සිටි ජනතාව ගෙන් උණුසුම් පිලිගැනීමක් හිමිවුණා අතර මගදී ජනතාවද දෑත් ඔසවමින් ඔහුට අතර දුම්රිය මඟ දෙපස රතිඤ්ඤා දල්වමින් ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වන අයුරු දැකගන්නට ලැබුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර, මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පියල් නිශාන්ත, නිරෝෂන් ප්‍රේමරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර දකුණු පලාත් සභා හිටපු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, බිංදු වීරසිංහ, අරුණ ගුණරත්න ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.

Image may contain: 3 people, outdoor
Image may contain: 2 people, people smiling, indoor
Image may contain: 3 people, indoor
Image may contain: 4 people, people smiling
Image may contain: 11 people, people smiling, crowd
Image may contain: one or more people and people standing

මහින්ද රාජපක්ෂ මැතිතුමන් කෝච්චියෙන් අවුරුද්දට ගමේ යන ගමන්

Posted by කැලුම් ප්‍රියංකර on Wednesday, April 10, 2019

ක්‍රිෂාන් ජීවක ජයරුක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here