Home Sports ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුම වෙනස් වෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුම වෙනස් වෙයි

417

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක කොන්ත‍්‍රාත් ගිවිසුම සංශෝධනය කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දක්‍ෂතා මත පදනම්ව කී‍්‍රඩකයින් සඳහා ගෙවීම් කටයුතු සිදුකරනු ලබන අතර ජ්‍යෙෂ්ඨත්වයට වඩා දක්‍ෂතාවය එහිදී මුල් තැනක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඉකුත් වසරේ කී‍්‍රඩකයින්ගේ දක්‍ෂතා සංසන්දනය කරමින් නව කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව සකස් කිරීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ලෝක කුසලානයට පෙර ශී‍්‍ර ලංකා සංචිතය නම් කිරීමෙන් පසු අදාළ කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය බලාපොරොත්තු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here