Home Local යාපනය සරසවියේ නවක වදයට ආවා කල්ලියේ විරෝධය – PHOTOS

යාපනය සරසවියේ නවක වදයට ආවා කල්ලියේ විරෝධය – PHOTOS

466

ආවා කල්ලියේ නවක වදය විරෝධි කල්ලිය නමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වෙත දැන ගැනීමට යනුවෙන් අත් පත්‍රිකා ඊයේ (11) යාපනය විශ්වවිද්‍යාල භූමියේ අලවා ඇති බව යාපනය විශ්වවිද්‍යාල සිසුන් පවසනවා.

විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ කාන්තාවන්ගේ සුරක්ෂාව වෙනුවෙන් බිහිකළ තම ආවා කල්ලිය වෙත යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් 40%ක ප්‍රමාණයක් සම්බන්ධතා ඇති අතර, විශ්වවිද්‍යාලය තුළ නවක වදය ඇතිකළ හොත් ඊට විරුද්ධව ආවා කල්ලියේ නවක වදය විරෝධි කණ්ඩායම ක්‍රියාත්මක වන බව අදාළ අත් පත්‍රිකා තුළ පවතින බවයි.

ඊළාම් භූමියේ ඊළාම් යුද්ධය පැවති කාලයේ නොමැති වු නවක වදය වර්තමානයේ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කිරීමට හේතුව කුමක්ද? යනුවෙන්ද අදාළ අත් පත්‍රිකාවේ පවතින බවයි විශ්වවිද්‍යාල සිසුන් පවසන්නේ.

විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ නවක වදය ලබාදෙන සිසුන් වෙනුවෙන් දඩුවම් ලබාදීම තම ආවා කල්ලියේ නවක වදය විරෝධි කණ්ඩායම හරහා සිදුකිරීම ආරම්භ කර ඇති බැවින් නවක වදය ලබාදෙන්නවුන් වෙනුවෙන් සමාවක් නොමැති බවද ආවා කල්ලිය නමින් වන පත්‍රිකාවල සදහන් බවයි.

නවක වදය අපරාධයක් බැවින් නවක වදයෙන් පීඩා විදින පිරිසට තමන් දැනුවත් කරන ලෙසත්, එලෙස නවක වදය ලබාදෙන පිරිසට විරුද්ධව තමන් දඩුවම් ලබාදෙන බවත් අත්පත්‍රිකාවේ සදහන්ව පවතින බවද විශ්වවිද්‍යාල සිසුන් පැවසූවා.

පසුගිය සමයේ යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුවියන් පිරිසක් වෙත නවක වදය ලබාදීමේ සිදුවීමක් හේතුවෙන් විශ්ව විද්‍යාලය තුළ අර්බුදයක් හට ගැනුණා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here