Home Local මඩු දේවස්ථානයේ මඩු මාතා පිළිරුවක් තැන්පත් කරයි – PHOTOS

මඩු දේවස්ථානයේ මඩු මාතා පිළිරුවක් තැන්පත් කරයි – PHOTOS

1454

යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් ‍සේනානායක මහතා අද (11) මන්නාරම මඩු දේවස්ථානයේ සංචාරයක නිරතවීම හා මඩු දේවස්ථානය වෙත මඩු මාතා පිළිරුවක් තැන්පත් කිරීම සිදුකෙරුණා.

වැඩසටහනට සමගාමීව මඩු දේවස්ථාන භූමි ප්‍ර‍දේශයේ මී පැළ 45000ක් රෝපණය කිරීමේ රණවිරු හරිත අරණ රුක් රෝපණ වැඩසටහනද ක්‍රියාත්මක කෙරුණා.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ මෙහෙයවීම යටතේ වන්නි යුධ හමුදා 61 සේනාංකය වැඩසටහන සංවිධානය කොට තිබූ අතර වැඩසටහන් අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා, 61 ‍සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජේ.තිලකරත්න, වන්නි ආරක්ෂක සේනා 61,62,63 බළසේනාධිපතිවරුන්, වන්නි යුධ හමුදා නිළධාරීන්,ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here