Home Local මඩකලපුවෙන් සොයාගත් පළමු අයිස් මත්ද්‍රව්‍ය තොගය සමඟ අයෙක් අත්අඩංගුවට – PHOTOS

මඩකලපුවෙන් සොයාගත් පළමු අයිස් මත්ද්‍රව්‍ය තොගය සමඟ අයෙක් අත්අඩංගුවට – PHOTOS

1594

අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත ප්‍රධාන ජාවාරම්කරුවකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08කට අධික ප්‍රමාණයක් සමඟ මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂකාර්යය බළකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන් පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කාන්තන්කුඩි නගරයේ පදිංචි 43 හැවිරිදි අයකු බවයි නිලධාරීන් පවසන්නේ.

කාන්තන්කුඩි නගරයේදී පාපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08ක් සහ මිලිග්‍රෑම් 600ක් සමඟ රාත්‍රී 8.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙනත් අයකුට මත්කුඩු අලෙවි කිරීමට යන අතරතුරදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි නිලධාරීන් පවසන්නේ.

පොලිස් විශේෂ කාර්යය බළකායේ හම්බන්තොට කඳවුරේ උප පොලිස් පරීක්ෂක නුවන් කුමාරගේගේ පෞද්ගලික ඔත්තුකරුවකු ලබාදුන් තොරතුරකට අනුව මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර සහ මඩකලපුව ප්‍රදේශයෙන් සොයාගත් පළමු අයිස් මත්ද්‍රව්‍ය මෙය බවයි පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් පවසන්නේ.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here