Home Local පරාක්‍රම සමුද්‍රය පිරිසිඳු කිරීමට නාවික හමුදාව එක්වෙයි

පරාක්‍රම සමුද්‍රය පිරිසිඳු කිරීමට නාවික හමුදාව එක්වෙයි

503

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගියදා පරාක්‍රම සමුද්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

පරාක්‍රම සමුද්‍රයේ කොටසක ආක්‍රමනික ජලඡ පැලෑටි වලින් පිරි ඇති බව නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇති අතර, ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව පරාක්‍රම සමුද්‍රය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

පුරා දින 03ක් පැවැති මෙම වැඩසටහන ”පිබිදෙමු පොලොන්නාරුව ව්‍යාපෘතියේ” නාවික හමුදා සම්බන්ධීකාරක සහ පරිපාලන නිලධාරි, කොමාණ්ඩර් විජය ගුණවර්ධන විසින් සංවිධානය කරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික තටාකාංගණයට සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here