Home Hit නැකතට පැළයක් අද සුහුරුපායේදී – සහභාගී වන සැමටත් පැළයක්

නැකතට පැළයක් අද සුහුරුපායේදී – සහභාගී වන සැමටත් පැළයක්

416

දස කෝටියක් පැළ සිටුවීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව “නැකතට පැළයක්” යන තේමාව යටතේ මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ ලක්ෂ 02ක් සිටුවීමේ ජාතික මහෝත්සවය අද (11) සවස 3.00ට බත්තරමුල්ල සුහුරුපාය බිම් මහලේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේගේ සංකල්පය මත වසර කීපයක් පුරා ක්‍රියාත්මක වන මෙම දස කෝටියක් පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා මැති ඇමතිවරුන් රැසක් මෙවර ද සහභාගී වීමට නියමිතයි.

පැමිණෙන සියළුම දෙනාට ටොම් ඊ.ජී.සී. අඹ පැළ සහ කටු අනෝදා පැළ දස දහසක් ලබාදීම ද මෙහිදී සිදුකෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here