Home Hit දකුණු පළාත් සභාව විසුරුවයි – බස්නාහිරත් නිල කාලය අවසන්

දකුණු පළාත් සභාව විසුරුවයි – බස්නාහිරත් නිල කාලය අවසන්

403

වහාම ක‍්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට විසුරුවා හරිනු ලැබුවා.

පළාත් ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවේ 08 වන වගන්තියට අනුව තමාට ලැබී ඇති බලතල ප‍්‍රකාරව මෙම විසුරුවා හැරීම සිදුකර තිබෙනවා.

විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට ඊයේ පෙරවරුවේ ආණ්ඩුකාරවරයා විසින් අත්සන් කරනු ලැබුවා.

දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන 22 වනදා අවසන් වීමට නියමිතව තිබු අතර බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ද ඊයේ අවසන් වී තිබෙනවා.

මේ අනුව සමස්ත පළාත් සභා 09යෙන් 08කම නිල කාලය අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.

රනිල් ධර්මසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here