Home Tech කළු කුහරයේ අතීතය

කළු කුහරයේ අතීතය

816

ඒ ලොව ප්‍රතම වතාවට කළු කුහරයක සෘජු ඡායාරූපයක් දැක ගැනීමට හැකි වීය. කෙසේ නමුත් මෙය මිනිසුන් වශයෙන් අප එක්වර ලබා ගත් ජයග්‍රහනයක් නොවේ. ඈත අතීතයේ සිට විවිද රටවල විවිද ක්ෂේත්‍රයන්හි පුද්ගලයින් විසින් කළු කුහර යන සංකල්පය පෝෂනය කලේය. මේ ඒ ඉතිහාසය පිළිබද සටහනකි.

කළු කුහර පිළිබද සෛද්ධාන්තික ගවේශනය

කළු කුහර හෝ ඊට වඩාත් ආසන්න ලෙස සැලකිය හැකි සංකල්පයක් මුල්ම වරට ඉදිපත් කරන්නේ 18 වන සියවසේ විසූ දාර්ශනිකයන් දෙපලක් වන් ජෝන් මිශෙල් හා පියෙර් සිමොන් ලප්ලාස් යන දෙදෙනායි. මොවුන් දෙදෙනා නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියම යොදාගනිමින් ආලෝක අංශුවක් යම් වස්තුවක ගුරුත්වයෙන් මිදී යා හැකි වියෝග ප්‍රවේගය පිලිබද කල සොයාගැනීම් තුල, ආලෝක අංශුවකටත් මිදී යා නොහැකි තරම් ප්‍රභල ගුරුත්වයක් ඇති තාරකා පැවතිය හැකි බව උපකල්පනයක් ඉදිපත් කලේය. ඔවුන් මේ තාරකාවන් “dark stars” ලෙස නම් කලේය.

No photo description available.

කෙසේ නමුත් නිව්ටන්ගේ ගුරුත්වය අලෝකයට බලපෑ හැකි ආකාරය ගැටලු සහගත වූ අතර මේ සංකල්පය ඉදිරියට යෑම ඉන් නැවතුනි. ඉන් ශතවර්ශයකට පසුව අයින්ස්ටයින් විසින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කල අතර, එමගින් ගුරුත්වය අලෝකයේ ගමන් මගට බලපානා අකාරය පැහැදිලිව විස්තර කර ගැනීමට හැකි විය.

1915 ජර්මානු හමුදාව සමග රුසියාවේ නැවතී සිටි කාල් ස්වාස්චයිල්ඩ්(Karl Schwarzschild) හට සාපේක්ෂතාවාදය තුලින් පැන නැගුන සමීකරන තුල සැගවී සිටි කළු කුහරය සොයා ගැනීමට හැකි විය. මෙය නවීන විද්‍යාව තුල කළු කුහරයේ උපතයි. අයින්ස්ටයින් මෙම අදහසට අකමැති වූ නමුත් ඔහු ස්වාස්චයිල්ඩ්ගේ මේ සොයාගැනීම 1916 දී ලොවට ඉදිපරිපත් කලේය.

1926 දී ආතර් එඩින්ග්ටන් විසින් පල කල “The internal constitution of the stars” හි ඔහු විසින් තාරකා අභ්‍යන්තරයේ ඇති විකිරණ මගින් ඇති කරන පීඩනය හේතුවෙන් තාරකා ඒ මත කඩා වැටීමෙන් කළු කුහර ඇති විය නොහැකි බවට කරුනු දක්වීය. ඒත් සමගම ස්වාස්චයිල්ඩ්ගේ මතය විද්‍යාත්මක සමාජය තුලින් මැකී ගියේය.

ආතර් එඩින්ග්ටන්ගේ ශිෂ්‍යයෙකු වූ රැල්ෆ් ෆව්ලර් විසින් වාමන තාරකා තුල ඇතිවන ක්වන්ටම් සංසිද්ධි හේතුවෙන් ඒවා කළු කුහර නොවී ඕනෑම කාලයක් වාමන තාරකා ලෙස පැවතිය හැකි බව පෙන්වා දුන්නේය.

මෙය අධ්‍යනය කල මැඩ්‍රාස් විශ්ව විද්‍යාලයේ සුබ්‍රමනියම් චන්ද්‍රසේකර් වාමන තාරකා තුල ආලෝකයේ වේගයෙන් එහා මෙහා යන අංශූන් මූලික කොට විශේෂ සාපේක්ෂතාවාදය යොදා ගනිමින් පැවසූයේ, එවැනි අවස්තාවක වාමන තාරකාව කළු කුහරයක් බවට පත් විය හැකි බවයි. මේ සොයාගැනීම චන්ද්‍රසේකර් විසින් “Royal Astronomical Society” වෙත ඉදිරිපත් කලත් එඩින්ගටන් විසින්, ඒ සදහා සාක්ෂි නොමැති බව පවසමින් ඒ මතය බැහැර කලේය.

1965 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික විද්යාඥයෙකු වූ රොජර් පෙන්රෝස් විසින් යම් විශාලත්වයක් ඇති තාරකාවක් ඔනෑම අවස්තාවක කළු කුහරයක් විය හැකි බවට ඔප්පු කලේය. මේත් සමගම සෛද්ධාන්තික වශයෙන් කළු කුහරයක් පැවතිය හැකියි යන්න තීරණය විය.

කළු කුහර පිළිබද භෞතික ගවේශනය.

කළු කුහර සෛද්ධාන්තිකව පැවතිය හැකි බව බහුතර විද්යාඥයින් පිළිගැනීමත් සමගම, කළු කුහර සොයා භෞතික ගවේශනය ඇරඹුනි. කළු කුහර පිලිබද මුල්ම භෞතිකමය සාධකය ලෙස ඉදිරිපත් වූයේ Quasar නැමැති වස්තුවයි. රේඩියෝ තරංග යොදාගෙන පරීක්ෂණ වල නිරත වූ බ්‍රිතාන්‍ය ජාතික විද්යාඥයින් static ලෙස හදුන්වන සංසිද්ධිය ඔස්සේ පරීක්ෂන කරමින් මේ සොයා ගැනීම කිරීමට සමත් විය.

කෙසේ නමුත් මේ වන විට නාසා ආයතනය හා අනෙකුත් අභ්‍යවකාශ අධ්‍යන ආයතන බොහෝ කාලයක සිට කළු කුහර අධ්‍යනය කරමින් සිටී. බොහෝ විට කළු කුහරය වටා ගමන් කරන තාරකා වල ගමන් පත අධ්‍යනය මගින් කළු කුහරය පිළිබද දත්ත ලබාගනීම මේ වන තෙක් සිදු කෙරුනි. නමුත් මීට වසර දෙකක කාලයක සිට ලොව වටා පිහිටි දුරේක්ෂ අටක් යොදා ගනිමින් මුලු පෘතුවිය තරම් විශාල වූ අතත්‍ය(virtual) දුරේක්ෂයක් ගොඩනගා එමගින් අපගේ මන්ධාකිණිය මධ්‍යයේ ඇති Sagittarius A හා M87 නැමැති කළු කුහර සෘජුව අධ්‍යනය කිරීම සිදු කෙරුනි. අද දවසේ අපට දැකීමට ලැබෙන ඡායාරූපය එහි අවසාන ප්‍රතිපලයයි.

–භානුක ජයවර්ධන–

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here