Home Hit ”කළුතර නළ ජලය බොන්න එපා” – ජල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලයි

”කළුතර නළ ජලය බොන්න එපා” – ජල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලයි

535

කළුතර කෙත්හේන ජල පවිත‍්‍රාගාරයට ලුණු ජලය මිශ‍්‍ර වී ඇති බැවින් එම ජලය බීමට නොගන්නා මෙන් ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලූතර (උතුර/දකුණ) කටුකුරුන්ද, නාගොඩ, පයාගල, සිළුමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කලූවාමෝදර, මොරගල්ල, අලූත්ගම දර්ගානගරය සහ බෙන්තොට යන ප‍්‍රදේශවල ජල පාරිභෝගිකයන් මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි එම මණ්ඩලය කියා සිටින්නේ.

මෙම ප‍්‍රදේශවල පවුල් 45000කට අයත් පුද්ගලයන් තුන්ලක්ෂ පනස් දහසක් පමණ මෙම තත්ත්වය හමුවේ අපහසුතාවට පත්ව තිබෙනවා.

සාමාන්‍ය ජල පරිභෝජනයේදී 90%ක් පමණ භාවිත කරනුයේ පානීය නොවන අවශ්‍යතා වන බැවින් ජන ජීවිතය මුළුමනින්ම අඩාලවීම වැළැක්වීම සඳහා සිය මණ්ඩලය ලවණ මිශ‍්‍ර ජලය තවදුරටත් මුදාහරින බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කර සිටියා.

ලුණු මිශ‍්‍ර ජලය ශරීරගතවීම බරපතල අවදානම් තත්ත්වයක් නොවන බවයි එම මණ්ඩලය කියා සිටින්නේ.

අත්‍යවශ්‍ය සේවාවන් අඩාල නොවන ලෙස වතුර බවුසර් මගින් පානීය ජලය සැපයීම පැය 24 තුළම සිදුකරන බවත් එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටිනවා.

සිරිමන්ත රත්නසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here