Home Local ”ඉන්ධන මිල වෙනස් වෙන්නේ නෑ” – මුදල් අමාත්‍ය මංගල සමරවීර

”ඉන්ධන මිල වෙනස් වෙන්නේ නෑ” – මුදල් අමාත්‍ය මංගල සමරවීර

328

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින පසුබිමක් යටතේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, මෙවර උත්සව සමයේ දී ජනතාවට සහන සලසනු වස් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො. 74ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේ ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වුව ද මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

මාර්තු මස 10 වනදා කෙරුණු ඉකුත් මිල සංශෝධනයේ දී ද උත්සව සමය එළඹීම සැලකිල්ලට ගෙන ජනතාවට සහන ලබාදීමේ අරමුණෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ ඉතා සුළු වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here