Home Local ආවා කල්ලියෙන් යාපනයේ නිවාස 03කට ප්‍රහාර

ආවා කල්ලියෙන් යාපනයේ නිවාස 03කට ප්‍රහාර

323

යාපනය, මානිප්පායි ප්‍රදේශයේ නිවාස තුනකට ඊයේ (10) සවස ආවා කල්ලිය විසින් පහරදී ‍නිවාස වල භාණ්ඩ වලට හානි සිදුකොට නිවැසියන් වෙත තර්ජනය කොට පළාගොස් ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යතුරුපැදි වලින් පැමිණි 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාපනය මානිප්පායි හින්දු විද්‍යාල මාවතේ පිහිටි නිවාස 02කට හා මානිප්පායි නගරයේ නිවසක් වෙත එලෙස පහරදීම් සිදුකොට ඇති බවයි.

අදාළ පහරදීම් හේතුවෙන් නිවාසවල ජනෙල් කැඩී ගොස් ඇති අතර නිවාසවල පැවති භාණ්ඩ කිහිපයකටද හානි සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය, මානිප්පායි පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ මානිප්පායි ප්‍රදේශයේ නිවාස 03ක් වෙත පහරදීමේ සිද්ධියක් වාරතාවන අතර පහරදීම කවුරුන් සිදුකළේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.

එමෙන්ම යාපනය, මානිප්පායි, කෝපායි, චුන්නාකම් හා යාපනය නගරය ‍කේන්ද්‍ර කර ගනිමින් ආවා කල්ලිය පසුගිය සමයේ පහරදීම් රැසක් සිදුකොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here