Home Local වසරක අනිවාර්ය සිරදඬුවම් හිමිවු චීන ජාතිකයින් 14දෙනාගේ සිරදඬුවම මාස 02ක් දක්වා ලිහිල්...

වසරක අනිවාර්ය සිරදඬුවම් හිමිවු චීන ජාතිකයින් 14දෙනාගේ සිරදඬුවම මාස 02ක් දක්වා ලිහිල් කරයි

353

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට වසරක අනිවාර්ය සිරදඩුවම් පමුණුවමින් දෙන ලද නියෝගය නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා චීන ජාතිකයින් 14දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන අයදුම් පත්‍ර 14ක් සළකා බැලූ දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පි.එස් නිශ්ශංක විසින් එම වසරක සිර දඩුවම මාස 02 දක්වා ලිහිල් කොට ඉතිරි මාස 10යේ සිර දුඩවම් වසර 05කට අත්හිටුවිමටයි ඊයේ (09) නියෝග කළේ.

එම මාස දෙකේ සිර දඩුවම අවසන්වු පසු ඔවුන් රටින් පිටුවහල් කිරිම සඳහා ආගමන විගමන පාලකවරයාට බාර දිමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

මෙම චූදිත පෙත්සම්කාර චීන ජාතිකයින් 14 දෙනා සංචාරක විසාවලින් පැමිණ ගාල්ල, දඩල්ලේ ගොඩනැගිලි ඉදිකිරිමේ වැඩබිමක අත්උදව්කරුවන් ලෙස සේවයේ යෙදි සිටියදි ලද තොරතුරක් මත ගාල්ල පොලීසිය මගින් පසුගිය මාර්තු 02 වනදින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුව මාර්තු 14 වනදින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ වරද පිළිගැනිමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා විසින් එක් අයෙකුට රුපියල් 50,000ක දඩයක් සහ එක් වසරක අනිවාර්ය සිරදඩුවමක් නියම කලේය.

දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිරදඬුවමක් ද විත්තිකරුවන්ට නියම කලේය.

පසුව ඔවුන් විසින් ගාල්ල මහාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනුකරනු ලැබුවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here