Home Local බෝලයක් යැයි සිතා බෝම්බය බිම දමා ගසලා – බෝම්බය පිපිරීමෙන් ළමයෙකුට බරපතලයි

බෝලයක් යැයි සිතා බෝම්බය බිම දමා ගසලා – බෝම්බය පිපිරීමෙන් ළමයෙකුට බරපතලයි

300

බෝලයක් යැයි සිතා බෝම්බයකින් සෙල්ලම් කළ දරුවෙකු බෝම්බය පත්තුවීමෙන් ඊයේ (09) උදැසන බරපතල තුවාල ලබා ඇති බව යාපනය අච්චුවේලි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යාපනය, පුත්තූර්, නිලාවරෙයි ප්‍රදේශයේ අතහැර දැමු ඉඩමක තිබු රවුම් බෝලයක් වැනි යමක් දැක අදාළ බෝලය වැනි උපකරණය සමඟ සෙල්ලම් කළ දරුවෙකු බෝලය යැයි සිතා බෝම්බය බිම දමා ගැසීමෙන් බෝම්බය පත්තු වි ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.

අනතුරින් 14 හැවිරිදි පාසල් දරුවෙකු තුවාල ලබා යාපනය අච්චුවේලි රෝහලට ඇතුළත් කොට ඇති අතර, බරපතල තත්වයෙන් පසුවන දරුවා අනතුරුව යාපනය රෝහල වෙත මාරුකොට යවා ඇති බවද පොලිසිය සඳහන් කර සිටියා.

යුධ සමයේ අච්චුවේලි ප්‍රදේශයන්ගේ යුධ ගැටුම් බහුලව පැවති අතර, යුධ සමයේ අදාළ ප්‍රදේශයේ ඉඩම් රැසක් අතහැර දමා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here