Home Local කුඩු ජාවාරමට කට්ටි පැන්න මන්ත්‍රී ස්ටැන්ලි අරුන්දිකගේ නිවසේදී අත්අඩංගුවට

කුඩු ජාවාරමට කට්ටි පැන්න මන්ත්‍රී ස්ටැන්ලි අරුන්දිකගේ නිවසේදී අත්අඩංගුවට

725

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ප්‍රනාන්දු නැමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගේ නිවසේ සිට ඊයේ (09) දහවල් පිටතට පැමිණෙන විටදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ දංකොටුවේ පිහිටි නිවසට සැකකාර නාගරික මන්ත්‍රීවරයා ඊයේ පෙරවරුවේ පැමිණි බව රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් පැය 02කට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල්ලාගෙන සිටි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියා.

නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව පසුගිය මාර්තු 23 වනදා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකය අනාවරණය කරගන්නවා.

මීගමුව කට්ටුවාපිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 08ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමක දී මේ බව අනාවරණය වී තිබෙනවා.

නාගරික මන්ත්‍රීවරයා ඔහුගේ පුතාත් හෙරොයින් තොගය තමන්ට ලබාදුන් බවයි අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමේ දී හෙළිකර ඇත්තේ.

ගයාන් කුමාර වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here